මාස හතරට කෝටි 68425 ණය අරගෙන
මෙම වර්ෂයේ ප්‍රථම මාස හතර තුළ රජය විසින් ලබාගන්නා ලද ණය ප්‍රමාණය රුපියල් මිලියන 684,253.41 ක් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී තිබේ.
2015 වර්ෂය සඳහා අනුමත ණය සීමාව රුපියල් මිලියන 1,780,000ක් බවත්, අප්‍රේල් 30 වැනිදා දක්වා ලබාගත් ණය මුදල රුපියල් මිලියන 684,253.41 ක් බවද අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
ඒ අනුව භාණ්ඩාගාර බැඳුම්කර ලෙස රුපියල් මිලියන 311,706.85ක්ද, භාණ්ඩාගාර බිල්පත් ලෙස රුපියල් මිලියන 83,605.89ක්ද, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ලෙස රුපියල් බිලියන 113,589.65ක්ද ලබාගෙන තිබේ.
තවද ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 9,063.64ක්ද, බැංකු අයිරාව ලෙස රුපියල් මිලියන 8,238.02ක්ද ලබාගෙන ඇත.
ඒ අනුව මුළු දේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 526,204.05ක්ද, විදේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 158,049.36ක්ද වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ අනුමත සමස්ත ණය ප්‍රමාණයෙන් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය තුනෙන් පංගුවක් පමණ වන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

