උත්සව සමයේදී ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා එළඹෙන දෙසැම්බර් හා ජනවාරි මාසවලදී ආහාර ද්‍රව්‍ය රැසක මිල අවම කිරීමට රජය තීරණය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඔහු පවසා සිටියේ, ජනතාවට සහන ලබාදීම මෙන්ම රටේ සංවර්ධනයට හේතුවන යෝජනා රැසක් 2018 අයවැය ලේඛනයට ඇතුළත් කර ඇති අතර, මහජනතාවගේ ජීවන වියදම් අවම කිරීමට හා ජාතික නිෂ්පාදිතය ඉහළ නැංවීම සඳහා වූ යෝජනා රැසක්දඑක්සත් ජනතා නිදහස් සන්ධානයවෙනුවෙන් මේ වනවිටත් මුදල් අමාත්‍යවරයා වෙත ලබාදී ඇති බවයි.
ඒ අනුව, එම යෝජනා මුදල් අමාත්‍යවරයා විසින් අයවැය ලේඛනයට ඇතුළත් කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.