මෙම වර්ෂයේ ගත වූ මාස 9 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 41173ක් දිවයින මුළුල්ලෙන්ම වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 51.45ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම් අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බවත් බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශකළේය.
එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.