මාවෙයි සේනාධිරාජා අරසු කච්චි සභාපති ධුරයට
දෙමළ ජාතික සන්ධානයේ ප්රධාන දේශපාලන පක්ෂයක් වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා මහතා පත්කොට තිබේ.
මෙතෙක් එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරණ ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී සහ එහි නායක ආර්.සම්බන්ධන් මහතාය.
මාවෙයි සේනාධිරාජා, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නව සභාපතිවරයා පමණක් බවද දෙමළ ජාතික සන්ධානයේ නායකයා තවදුරටත් ආර්.සම්බන්ධන් මන්ත්රීවරයාම යැයිද පැවසෙයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 15 වෙනි ජාතික මහා සම්මේලනය වවුනියාව සංස්කෘතික ශාලවේදී සෙනසුරාදා පැවති අවස්ථාවේ දී මෙම නව පත්වීම් සිදු කෙරුණු අතර එම පක්ෂයේ නව ලේකම්වරයා වශයෙන් පත්ව ඇත්තේ මඩකලපුවේ ඊ. තුරේසිංහම් නැමැත්තායි.
මීට අමතරව පක්ෂයේ තවත් තනතුරු ගණනාවක් සදහා ද නව නිලධාරීන් රැසක් ම තේරී පත් වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

