මධ්‍යම කඳුකරයට සති කිහිපයක් තිස්සේ පවතින අධික වර්ෂා තත්ත්වයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ බාර ඉංජිනේරුවරු පවසති.
මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඊයේ (09දා) පෙ.ව. 06.00 වනවිට පිටාර මට්ටමට පිළිවෙළින් අඩි 05ක් සහ අඩි 01ක් වශයෙන් පැවති බවද ඔවුහු සඳහන් කරති.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයේ, ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියෝන් හා පොල්පිටිය යන විදුලිබලාගාර 05 සඳහා ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.
මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක