විල්පත්තු අභය භූමියෙන් උතුරු පළාතට පිහිටි වනාන්තර ප්‍රදේශය රක්ෂිත කලාපයක් ලෙසට නම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා මන්නාරමේ විල්පත්තු අවට ගම් වැසියන් පිරිසක් ඊයේ (28ද) සවස සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වූහ.
මන්නාරම මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මරිච්චිකට්ටි, මාවිල්ලු, කරඩික්කුලි, වෙප්පල්, පෙරියමුරිප්පු, විලාත්තිකුලම් යන ගම්මාන මෙසේ මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ලෙසින් අලුතින් නම් කර තිබේ.
මරිච්චිකට්ටු මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටදී විරෝධතාකරුවන් මෙසේ සිය සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබීය.
සත්‍යග්‍රහයේ නිරතවූවන් පවසන්නේ, වසර පන්සීයකට වඩා වැඩි කාලයක් මෙම පළාතේ වැසියන් පදිංචිව සිටි නිසා 2012 වර්ෂයේදී ගැසට් නිවේදනයක් මගින් එම ප්‍රදේශය විල්පත්තු රක්ෂිතයෙන් ඉවත් කළ බවයි.
නව ගැසට් නිවේදනයට අනුව විලපත්තු අභය භූමියෙන් උතුරු පළාතට මායිම් වන ප්‍රදේශය රක්ෂිත වනයක් ලෙස නම් කිරීම නිසා වවුනියාව දිස්ත්‍රික්කයේත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් ජනතාව ජීවත් වන ප්‍රදේශ රක්ෂිත කලාපයට අයත් වන බැවින් ඔවුන්ගේ ඉඩම් සංවර්ධනයට විශාල බාධාවක් වන බවයි.
මේ නිසා ජනාධිපතිවරයා මෙම නව ගැසට් නිවේදනය පිළිබඳව යළි සලකා බලා ජනතාව ජීවත් වන ප්‍රදේශ රක්ෂිත කලාපයෙන් ඉවත් කළ යුතු බව කියා සිටින විරෝධතාකරුවෝ, එම ගැසට් නිවේදනය අවලංගු කරන තෙක් අඛණ්ඩ විරෝධතාවයේ නිරත වන බවද අවධාරණය කළහ.