මාවිල් ආරු අමුණේ ඔරුවක ගමන් කළ සිසුන් හය දෙනෙකු සමග ඔරුව පෙරළීමෙන් ඉන් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කුරුණෑගල ප්ර දේශයේ පාසලක සිදුන් හා ගුරුවරුන් 80ක පමණ පිරිසක් මාවිල්ආරු අමුණ නැරඹීමට පැමිණ ඇති අතර එහිදී ළමුන් හය දෙනෙකු අවසරකින් තොරව ඔරුවක් පැදීමේදී මෙසේ ඔරුව පෙරළී ඇත.
පසුව අනෙක් සිසුන් එක්ව සිසුන් හය දෙනා බේරා ගත්තත් එයින් දෙදෙනෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් තිබේ.