මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පී.පී. වික්‍රමසිංහ මහතා සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් අද (04දා) වැඩ තහනමකට ලක්කර ඇත.
සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් මීට මාස 02කට පමණ ඉහතදී ලබාදුන් චෝදනා පහකට පිළිතුරු ලබානොදීම හේතුවෙන් ඊයේ සබරගමු පළාත් පාලන ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පී.පී. වික්‍රමසිංහ මහතා වෙත මෙම තීරණය දන්වා ඇත.
කෑගල්ල චමින්ද ජයලත්/ප්‍රසාද් හරංගල