ශ්රී ලංකා ජාතික කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු තෝරාගැනීම සඳහා අවසන් වශයෙන් මාවන් අතපත්තු හා ජෝන් ලුවිස්ගේ නම් යෝජනාවී තිබෙන බව වාර්තා වෙයි.
ශ්රී ලංකා ක්රිකට් අායතනය සඳහන් කළේ මේ පිළිබඳව මාවන් අතපත්තු සමග සාකච්ඡා කළ බවත් තෝරාගත් අනෙක් අයදුම්කරු සමඟ අද (23දා) සාකච්ඡා කිරීමට නියමිත බවත්ය. ජාතික පුහුණුකරු පිළිබඳ අවසන් තීරණය හෙට (24දා) ගැනීමට නියමිතය.
ජෝන් ලුවිස් එංගලන්තයේ හිටපු වේග පන්දු යවන ක්රීඩකයෙකු වෙයි. තවමත් 39වැනි වියේ පසුවන ලුවිස් එක් ටෙස්ට් තරගයකට පමණක් ක්රීඩා කර තිබේ.