මාවතගම ප්රාදේශීය සභාවේ සභාපති උපුල් පෙරේරා (සන්ධාන) එළැඹෙන 19දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පිලැස්ස මහේස්ත්රාත් බුද්ධික සී රාගල මහතා අද (16දා) නියෝග කළේය.
මැතිවරණ සමයේචී එජාප පාක්ෂිකයන් පිරිසකට බැන වැදී පහරදීමේ චෝදනා යටතේ සැකකාර සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරු මිට ඉහතදී වයඹ පළාත් විපක්ෂ නායක ජේ.සී. අලවතුවල මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත නිදහස්වී තිබෙන අයෙකි.