“එක් දේශපාලන පක්ෂයක නායකයෙක් කියලා තිබුණා රාජපක්ෂලා විනාශ කරලා දමන්න ඕන කියලා. මේ වගේ ප්‍රකාශයක් මා ඇසුවේ පළමු වතාවට. මේ රටේ දරුවන්ට දෙන්නේ මොකක්ද?. මොන සමාජයක්ද ඇති වන්නේ?. පන්සලට ගිහින් බුදුන් වැඳලා මල් පුජා කරන එකත් විහිළුවට ලක් කරනවා. ආණ්ඩුව පෙරළුවා වගේ ආගමික කුමන්ත්‍රණයක් තියෙනවා” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිනිදුම පනංගලදී ඊයේ(03දා) සවස පැවසිය.
“මම තාම යන්නේ පන්සල් විතරයි. මේවට විරුද්ධවත් සමහරු කෑ ගහනවා.දේශපාලන වේදිකාවට නැග්ගොත් කොහොමට හිටීවිද .මාව බලෙන් දේශපාලන වේදිකාවට නග්ගන්න හදනවා .
මම යන යන තැන්වල ලයිට් කපනවා. වතුර කපනවා. බස් නවත්වනවා. දැන් ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මේ මොනවාද කරන්නේ. නායකයන් මේ වගේ දේවල් කරනවාද?. දැන් යහපාලනය ජනතාවට හොඳ ඇති නේද? හොදට පරිප්පු කන්න පුළුවන් දැන්. දැන් පරිප්පු රුපියල් 240යි ඉදිරියේදී තව රුපියල් පහක් එකතුවෙනවා .කොත්තමල්ලි ලාබයි නේද?
කිසිදු පැකිලීමකින් තොරව පාලනය භාරදීලා ගියා. මන්ත්‍රී කණ්ඩායමේ ඉල්ලීමකට මමත් ජනාධිපතිතුමාත් සාකච්ඡා කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එතුමාට භාරදුන්නා. එය යූ. එන්. පියෙන් වන පළිගැනීම් නතර කිරීමට ඉවහල් වේවි කියලා හිතුවේ. මට බලය අත්හරින්න අසීරුවක් නැහැ. ප්‍රතිඵල කියලා ඉවරවෙන්නත් ඉස්සේල්ලා මා අරලියගහ මන්දිරයෙන් පිටවුණා. ඒ සදහා අපට ආත්මශක්තියක් තිබුණා.
රවීන්ද්‍ර ශ්‍රීලාල් / ජිනේෂ් නානායක්කාර