ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා ලෝක බැංකුව එක්ව හඳුන්වාදෙන ව්‍යාපෘතිය තුළින් දේශීය ව්‍යවසායකයින් නඟා සිටුවීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
රජය මේවනවිට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති 1470ක් ආරම්භ කොට ඒ තුළින් රැකියා විශාල ප්‍රමාණයක් බිහි කිරීමට සැළසුම් කර ඇති බව අමාත්‍යවරයා කීය.
පිළිමතලාව ග්‍රාමීය සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනයේ කෘෂිකාර්මික නවීකරණය කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ 03වන වැඩසටහන ආරම්භ කරමින් අමාත්‍යවරයා මේබව කීවේය. තමා ව්‍යාපාරිකයෙක් වශයෙන් දියුණු වූ ආකාරය විස්තර කරමින් එය ආදර්ශයට ගන්නා ලෙස ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියේය. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ජනතාව අත මුදල් ගැවසෙන බවත්, ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර කර ගැනීමට පහසු වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ නිසා තමන් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන බව පැවසීය.