මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ කටයුතු යළි යථා තත්ත්වයට පත්කිරීමට වහාම මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වකුගඩු නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකායේ අධ්යක්ෂ අසේල ඉද්දවෙල මහතා වෙත ඊයේ (20දා) උපදෙස් ලබාදුන්නේය.
එසේම එහි කටයුතු දෛනිකව නිරීක්ෂණය කරන ලෙසත්, රෝහලට යාබදව තිබෙන බස්නාහිර පළාත් සභාවට අයත් ඉඩම රෝහල වෙත පවරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා වෙතද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
වකුගඩු බද්ධ කිරීමේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට විෂ බීජයක් ඇතුළු වීම හේතුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට වකුගඩු බද්ධ කිරීම් නතර වී තිබීම පිළිබඳව එම රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ උපදෙස් ලබාදුන්නේය.
ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය යටතේ දීපව්යාප්කව එම කටයුතු ක්‍රියාත්මක කිරීම තමාගේ අරමුණ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
2013 වසරේ සිට 2014 වසරේ ජූලි මාසය වනවිට රෝගීන් 52 ක් සඳහා මෙහි සාර්ථක වකුගඩු බද්ධ කිරීම් සිදුකර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.
සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් පාලිත මහීපාල, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.