මාලඹේ සිසුන්ට රජයේ සායනික පුහුණුව ඉල්ලයි
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීම සඳහා අධිකරණය නිකුත් කළ නියෝගය වහා ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා අද (15දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙමාපිය සංසදය විරෝධතාවක නිරතවිය.
2014 වසරේ සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ සායනික පුහුණුව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස නියෝග කර ඇති අතර, ඉන් වසරක් ඉක්ම ගොස් ඇතත් අදාළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොවී ඇති බව එම සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ඒ හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසු සිසුවියන්ගේ වෛද්‍යවරයෙකු වීමේ සිහිනය ආපස්සට ඇද දමා ඇති බවත්, කොතලාවල වෛද්‍ය විද්‍යාලයට පමණක් සායනික පුහුණු ලබාදීම තම දරුවන්ට කරන බලවත් අසාධාරණයක් බවද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

