මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට අවිස්සාවේල්ල සහ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලට අයත් රජයේ රෝහල් සහ වෛද්‍ය ආයතන වල සායනික පුහුණුව රුපියල් 50,000 ක ගාස්තුවක් යටතේ ලබා දීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අද (15දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
මාලබේ සිසුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ පැමිණිල්ලක් අද විභාගයට ගත් අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා ඉහත ප්‍රකාශය කළේය. ඔහු වෙනුවෙන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් එස්. බාරි මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දැනුම් දුන් අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට හා ලේකම්වරයාට එරෙහිව ගොනු කළ පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීමට මාලබේ සිසුන් කටයුතු කළේය.