මාලදිවයින් ජාතිකයන් වැඩිම පිරිසක් සිටින නගර අතර කොළඹ නගරය දෙවැනි ස්ථානයට පත්ව තිබෙන බව මාලදිවයිනේ හිටපු ජනපති මොහාමඩ් නෂීඩ් සඳහන් කරයි.
හිටපු ජනපතිවරයා හා කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය අතර හමුවක් පවත්වා ඇති අතර ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමට කළ ප්රකාශයකින් ඔහු මේ බව හෙළි කර ඇත.
මෙම හමුවේදී ශ්රි ලංකාව හා මාලදිවයින අතර පවතින ඓතිහාසික , වාණිජ හා සංස්කෘතික සබඳතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවත් හිටපු ජනපතිවරයා සඳහන් කරයි.