මාලදිවයිනේ මත්කුඩු අධිපතියා ලෙසින් ප්‍රසිද්ධ එරට ප්රමුඛ පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් අද (21දා) සවස මෙරටදී අත්අඩංගුවට පත්ව තිබේ.
ඊබ්‍රහිම් සෆාස් අබ්දුල් රසාක් (සෆා) ලෙසින් ප්‍රසිද්ධ සැකකරු ශ්‍රී ලංකා පොලීසිය හා මාලදිවයින් පොලීසිය විසින් ඒකාබද්ධ කරනු ලැබූ මෙහෙයුමකදී අත්අඩංගුවට පත්ව තිබෙන බව මාලදිවයිනේ 'සන් ඔන්ලයින්' පුවත් සේවය සඳහන් කළේය.
වසර 18ක කාලයක් මාලදිවයිනේ සිරගත සිටි අබ්දුල් ඇපලැබීමෙන් පසුව වෛද්‍ය පහසුකම් ලබාගැනීමට රටින් පිටව යාම අවසර ලබාදීතිබේ. ඒ අනුව ඔහු අතුරුදන්ව සිටි බවද &සන් ඔන්ලයින්* පුවත් සේවය සඳහන් කරයි.
අබ්දුල්ට මේ වසරේ පෙබරවාරි මාසයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අධිකරණයේ අවසරය ලැබී තිබෙන අතර මේ සඳහා ඔහුට මාස තුනක කාලයක් හිමිවිය. එම කාලසීමාව මේ මස 5දා අවසන් වූ බවත් එහෙත් ඔහු මාලදිවයින බලා නොගිය බවද 'සන් ඔන්ලයින්'පුවත් සේවය වැඩිදුරටත් පැවැසීය.
'සන් ඔන්ලයින්' ඇසුරෙනි