2014 මාර්තු මාසයේදී උද්ධමනය 4.2% ක් ලෙස මීට පෙර මාසයේ පැවති තත්ත්වයෙහිම රැඳුනු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2014 පෙබරවාරි මාසයේ 4.2% ක් ලෙස පැවති අතර, එය තවදුරටත් පවත්වා ගනිමින් මාර්තු මාසයේදී ද 4.2% හිම රැඳී ඇත.
මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය පෙබරවාරි මාසයේ වාර්තා කළ 6.0% සිට මාර්තු මාසයේදී 5.7% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.