පරිවාර රථ පිරිවරාගෙන අනවශ්‍ය ආකාරයට මාර්ග නීතී උල්ලංඝනය කරන රථවාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
යුද්ධය පැවැති කාලයේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා පරිවාර රථ යොදා ගනිමින් අනෙකුත් රථවාහනවලට බාධා එල්ල කරමින් මාර්ගයේ ගමන් කිරීමට අවසර ලබාදී තිබුණත්, මේ වනවිට යුදමය වතාවරණයක් නොමැති නිසා ඒ ආකාරයට කටයුතු කිරීමට කිසිවෙකුටත් අවසර නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මාර්ග නීති යම් ආකාරයකට හෝ උල්ලංඝනය කරමින් අනෙකුත් රථවාහනවලට ඉඩ ලබාගෙන ධාවනය කළ හැකිවන්නේ ගිලන් රථ, පොලිස් පරිවාරක රථ, පොලිස් හදිසි ඒකකයේ වාහනවලට සහ ආපදා රථ, ගිනි නිවන රථවලට පමණක් බවද ඒමහතා අවධාරණය කළේය.