ප්රධාන දුම්රිය මාර්ගයේ හා කැලණි වැලි දුම්රිය මාර්ගයේ මාර්ග අවහිරතාවක් හේතුවෙන් එම මාර්ග දෙකේම දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල විය.
ප්රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී ට්රක් රථයක ඇතුළු වාහන කිහිපයක් දුම්රියක ගැටීමෙන් සිදූ අනතුරකින් එම මාර්ගයේ බොහෝ දුම්රියන් බොහෝ වේලාවක් ප්රමාද වී ධාවනය විය.
මේ අතර කැළණිවැලි දුම්රිය මාර්ගයේ දෙමටගොඩ ප්ර දේශයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා ඇතිවිය.