මාමා බෑනා හඹයෙන් බෑනා මියයයි
කොටවෙහෙරමංකඩ, දම්වැල් ඕඩය ගම්මානයේ නිවසක මාමා කෙනෙකු සහ බෑනා කෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් පසු බෑනා බව කියන දෙදරු පියෙක් කැපුම් තුවාල හේතුවෙන් ගෙවත්තේ ගඩොල් පෝරණුවක් ආසන්නයේ ඊයේ (02දා) රාත්‍රී වැටී මියගොස් ඇති බවත්, බරපපතළ තුවාල ලැබූ මාමණ්ඩිය බව කියන පුද්ගලයාද හම්බෙගමුව රෝහලේ සිට ඇඹිලිපිටිය දිසා රෝහලට මාරු කර යවා ඇති බවද හම්බෙගමුව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ බළන්ගොඩ බෙලිහුල්ඔය, ගලගම පදිංචි සුමිත් උපනන්ද (අවු.37) නැමැත්තෙකුය.
බරපතළ තුවාල ලබා ඇත්තේ, නිවෙස් හිමියා මෙන්ම මියගිය තැනැත්තාගේ විවාහක බිරිඳගේ පියා වූ පරගහතැන්නගේ ප්‍රේමදාස (අවු.56) නැමැති හයදරු පියෙකි. මියගිය තැනැත්තා කාලයක සිට පඹහින්නේ සිට වරින්වර මේ නිවසට පැමිණ රෝහල් ගතකර සිටින තැනැත්තාට සහ ඔහුගේ බිරිඳට අඩන්තේට්ටම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් හම්බෙගමුව පොලීසියට පැමිණිලි කළ ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.
අජිත්ලාල් ශාන්තඋදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

