මානව හිමිකම් පරීක්ෂණයට ශ්‍රී ලංකාවේ විරෝධය
එක්සත් ජාතීන්ගේ 27 වැනි මානව හිමිකම් සමුළුව ඇමතූ ජනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා කරනු ලබන පරීක්ෂණයට විරෝධය ප්‍රකාශ කරන බව අද (08දා) ජිනීවා හිදී පැවැසීය.
අද (08දා) ආරම්භ වූ 27 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙහිද අදහස් දැක්වූ ඇමෙරිකානු හා එංගලන්ත නියෝජිතයින් පැවැසුවේ ශ්‍රී ලංකාව පිළිබඳව කරනු ලබන පරීක්ෂණයට සහාය දක්වන බවත්, ඒ සඳහා සහාය දක්වන ලෙසට ශ්‍රී ලංකාවට පවසන ලෙස නව මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතාගෙන් ඉල්ලා සිටින බවත්ය.
එසේම මෙහිදී අදහස් දැක් වූ මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර පරීක්ෂණය සඳහා සහාය දක්වන ලෙසත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

