ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිවෙමින් පවතින වර්ධනය පිළිබඳව සතුට පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසා තිබේ.
ලෝක ආර්ථික සමුළුවට සහභාගීවීමට ස්ව්ට්සර්ලන්තයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස සමග පැවති හමුවක දී සෙයිද් රාද් අල් හුසේන් කුමරු මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
එමෙන්ම රටේ ජනතාවගේ සියලු හිමිකම් ආරක්ෂා කෙරෙන හා තහවුරු කෙරෙන වැඩපිළිවෙළ ස්ථාවරව ඉදිරියට ගෙන යනු දැක්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අපේක්ෂාව බව ඔහු ප්‍රකාශ කර ඇත.
යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සිත් සුවපත් කරලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබීම වැදගත් කරුණක් බවද මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.
සියලු ජනතාවගේ අයිතිවාසිකම් ව්‍යවස්ථාව මගින්ම තහවුරු කරලීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.