උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රීලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය විසින් ඉදිරිපත් කෙරුණු විමර්ශන වාර්තාව ඉතා ගෞරවයෙන් පිළිගන්නා බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා අද (17දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.
ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධවලට අදාළව ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමට එයින් ඉදිරිපත් කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට තම ස්තුතිය පළ කරන බවයි.
එමෙන්ම දිගු කාලයක් තිස්සේ තමන් ඇතුළු යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාව විසින් ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාව පෙන්වා දුන් බවත් මානව හිමිකම් කවුන්සලය විසින් ඊයේ ප්‍රකාශ කෙරුණු ශ්‍රීලංකාවේ යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශනයක් පිළිබඳ ප්‍රකාශය මගින් දෙමළ ජනතාවට සාධාරණය ඉටුවනු ඇතැයිද ප්‍රධාන අමාත්‍යවරයාගේ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.