උෟව පළාත් සභා මැතිවරණය අවසන් වීමෙන් පසු ඇතිවූ ගැටුම් වාර්තා කිරීමට ගිය ලංකාදීප හා සිරස මාධ්‍යවේදීන්ට පහරදීම හෙළාදකිමින් අද (25දා) ගාල්ල දිස්ති‍්‍රක්කයේ මාධ්‍යවේදීහු ගාල්ල ප්‍රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
ගාල්ල දිස්ති‍්‍රක් මාධ්‍ය මධ්‍යස්ථානය සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයේදී මාධ්‍යයට අත නොතබන ලෙසත් මාධ්‍ය ආවරණ කාර්යය නිදහසේ කරගෙන යාමට ඉඩදෙන ලෙසත් ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.
මේ උද්ඝෝෂණය පැවති අතර තම රාජකාරී කටයුතු සිදුකරමින් සිටියදී මාධ්‍යවේදීන්ට පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන වහාම නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස රජයට බලකර සිටින බවද උද්ඝෝෂණයේ නිරත මාධ්‍යවේදීහු කියා සිටියහ.