මාධ්‍යවේදිනී මැල් ගුණසේකර මෙනවිය ඝාතනයට පැමිණි සැකකරු පැමිණ ඇත්තේ නිවස මංකොල්ලකෑමට බව දැනට කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම මාධ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දොම්පේ, අලුත්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී මාධ්‍යවේදිනියගේ ජංගම දුරකථනය සහ රුපියල් 1200 ක මුදලක්ද සොයාගෙන තිබේ.
දොම්පේ ප්‍රදේශයේ සැඟවී සිටියදී මොහු අත්අඩංගුවට ගත් බවත්, ප්‍රශ්න කිරීම්වලදී නිවස මංකොල්ලකෑමට පැමිණි බව පවසා ඇතැයිද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.