මාධ්‍ය සංවිධාන බහුතරයක් එක්ව සකස්කරන ලද භාෂණයේ නිදහස සහ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය අද ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයදී එළිදක්වනලදී.
මෙහි ඇතුළත් කරුණු මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්රකාශනය සඳහා ඇතුළත් වියයුතු බව මෙහීදී ප්‍රකාශවිය. අදාළ ප්‍රකාශයේ කරුණු දහයක් අඩංගුය. මාධ්‍ය නිදහස සහ භාෂණයේ නිදහස වර්ධනය කිරීම වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය, මාධ්‍ය ස්වයං නියාමනය, නීති විමර්ශනය හා සංශෝධනය, ජනමාධ්‍ය‘වේදීන්ට එරෙහි අපරාධ විමර්ශනය, විද්‍යුත් මාධ්‍ය කේන්ද්‍රය, නියාමනය, ප්‍රජා විද්‍යුත් මාධ්‍ය යන කාරණාද, රාජ්‍ය මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය, මාධ්‍ය වාරණය වැළැක්වීම, දේශපාලන වෙබ් අඩිවි සඳහා සීමා ඉවත් කිරීම, ආවේක්ෂණය වැළැක්වීම යන කරුණු ය.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ