මාතෘ හා ළදරු මරණ අවමවීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අවමවීම සහ සජීවී දරු උපත් සංවර්ධනය වූ රටවලට සමාන අගයක් ගැනීම අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.
සජීවී දරු උපත් නිරෝගී රටවලට සහ ඇමරිකා එක්සත් ජනපදයට වැනි රටවල දත්තයන්ට සමාන වී ඇත්තේ ශ්‍රි ලංකාවේ ළදරු මරණ අනුපාතිකය අවම වීම හේතුවෙන් බව එම නිවේදනයේ දැක්වෙයි.
ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබාදෙමින් මාතෘ මරණ අවම කිරීම ජයග්‍රහණයක් බව එම සංවිධානය සදහන් කරයි.
සාමාන්‍යෙයන් ගර්භනී අවධියේ දී අධිරුධිර පීඩනය, අධික රුධීර වහනය හේතුවෙන් සියයට 15 ක් පමණ ජීවිත අවධානමක් පවතී. විධිමත් ප්‍රතිකාර නොලැබුනහොත් ගර්භනී මාතාවන් මියයාමේ තත්ත්වයක් ද පවතී. ගෝලීය වශයෙන් බලන විට ගර්භනී තත්ත්වයේ දී සහ ප්‍රසුතීයේ දී වසරක් තුල ලක්ෂ 03 කට ආසන්න කාන්තාවන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ඉන් බහුතරය සංවර්ධනය වෙමින් පවතින රටවලින් වාර්තා වුවද මාතෘ මරණ අවම කර ගැනීමේ ඉළක්කය ශ්‍රී ලංකාව මේ වනවිට ජයගෙන ඇත. ළදරු මරණ අනුපාතය ද අඩු වී ඇත. එය වෙනත් රටවලට ආදර්ශයක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

