බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පළමු සැකකරුවන අර්ජුන් මහේන්ද්රන් මහතාට ලබන මාර්තු 08 දා හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මහත්මිය අද (16දා) නැවතත් නියෝගයක් කළේය.
මීට පෙරද ඔහුට ඊයේ (15දා) දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කළත් ඔහු අද (16දා) දක්වාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී නොසිටියේය.