බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පළමු සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතාට අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබාදෙන්නැයි කොළඹ කොටුව ප්රධාන මහේස්ත්රාත් අධිකරණය ලබාදුන් දිනය අද (15දා) වෙයි.
අර්ජුන් මහේන්ද්රන් මහතා මේ වන විදෙස්ගතව සිටින අතර ඔහු ශ්රී ලංකාවට පැමිණ ප්රකාශයක් ලබාදෙන්නේදැයි යන්න පිළිබඳව බොහෝ දෙනෙක් විමසිලිවත් වෙයි. කෙසේ වෙතත් මේ දක්වා ඔහු අපරාෂ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නොමැත.
බැඳුම්කර ගනුදෙනුවේ දෙවැනි සැකකරු වන අර්ජන් ඇලෝෂියස් හා තෙවැනි සැකකරු වන කසුන් පළිසේන මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.