මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම අත්හිටුවීමට තිරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මැතිවරණ කොමසාරිස් විසින් මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම නවත්වන ලෙසට නියෝග කළ බවත් එයට ගෞරව කරමින් විද්‍යාගාර විවෘත කිරීම තාවකාලිකව නැවැත්වූ බවත් හෙතෙම කීය.
පාසල් නිවාඩු සමයේ මෙන්ම ජනපතිවරණ සමයේ මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව පැවැත්වීමෙදී දේශපාලන අදහස් ප්‍රචාරය කරන බවට පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කර තිබුණි.