රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය පරිහරණ චෝදනා යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 6 වැනිදා සිට විභාගයට ගැනීමට අද(27දා) කොළඹ මහාධිකරණ නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණ කළේයැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වී ඇත.
එම නඩුවේ මූලික පැමිණිල්ල සහ එයට අදාළ ලේඛන විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස ද විනිසුරු සම්පත් විජේරත්න මහතා නීතිපතිවරයාට නියම කළේය