හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට හමුදා හා පොලිස් නිලධාරීන් 213 දෙනෙකු රජයෙන් ලබාදී ඇතත්, එම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නිසි ලෙස ලබාදී නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ අනුව උසස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත්ව හමුදා නිලධාරීන් 108 දෙනෙකුද, සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු ඇතුළත්ව පොලිස් නිලධාරීන් 105 දෙනෙකුද හිටපු ජනපතිවරාගේ ආරක්ෂාවට ලබාදී තිබෙන එම ඒකකය පවසයි.
පොලිස් නිලධාරීන්ට ලබාදී තිබූ වාහන 17 ක් හා රාජකාරි දුරකථන පොලිස් දෙපාර්තමේන්තුව යළි ලබාගෙන ඇති නිසා එම පොලිස් නිලධාරීන්ගේ පරිහරණයට යොදාගෙන ඇත්තේ පෞද්ගලිකව හා කුලී පදනම මත ලබාගත් වාහන බව එම ඒකකය පවසා සිටියි.
එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ ගමන් පහසුව සඳහා හෙලිකොප්ටර් යානාවක් ලබා දී නොමැති බවද එම ඒකක පවසයි.
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති හමුදා නිලධාරීන් ප්‍රවාහනය කිරීම සඳහා රජයෙන් කිසිදු වාහනයක් හෝ යතුරුපැදියක් ලබා දී නොමැති බවද හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.