මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව සත් ලංකා පදනම සඳහන් කරයි.
කොළඹ අද (04දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පදනමේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතා සඳහන් කළේ, ස්ථාවර දුරකථන හිමියන් 41629 ක් සම්බන්ධ කරගනිමින් සිදුකළ මත විමසුමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජයගන්නා බවට 54.7% ප්‍රමාණයක් සඳහන් කර තිබූ බවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවට සඳහන් කර තිබූ ප්‍රමාණය 40.02% බවද ඒ මහතා සඳහන් කළේය. කිසිදු ප්‍රතිචාරයක් පළනොකළ ප්‍රමාණය 5.25% ක් බවද ඒ මහතා සඳහන් කළ අතර, දුරකථන ග්රාහකයන්ට ප්‍රශ්න පහක් යොමුකරමින් අදාළ නිගමනයට සත් ලංකා පදනම පැමිණි බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම දත්ත පිළිබඳව තම සංවිධානයට 95% ක විශ්වාසයක් පවතින බවද ඒ මහතා පවසයි.