හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිංහල ජනතාව තුල තිබූ සියයට 53 ක ප්‍රසාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයත් සමග සියයට 43 දක්වා පහළ වැටී ඇති බවත් එය තව දුරටත් සීග්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන බවත් සමීක්ෂණයකින් හෙළි වී ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ ජල සම්පත් හා නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළේය .
මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී පැවැති ජන හමු අමතමින් අමාත්‍යවරයා එසේ කීය.
වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ සම්මත කර ගැනීමට අපේක්ෂා කළ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය දැරූ මතයට දැඩි ලෙස විරුද්ධ වූ අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න වැනි අයද එක්සත් ජාතික පෙරමුණත් සමග එක්ව සිටීම විශාල ජයග්‍රහණයක් බව ද හකීම් මහතා කීය.
මොහොමඩ් ආසික්