එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කලුතර දිස්ත්‍රික් ප්‍රධාන රැලියට තමා එක්නොවන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.
මෙම රැළිය සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපෙක්ෂක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර නාවුල පැවැති රැලියේදී අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතාට මෙන් තමාටද කලුතරදී පිරිසක් හූ කීමට සූදානමින් සිටින හෙයින් තමන් රැස්වීමට එක්නොවන බවද ඔහු කීවේය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
එසේම මැතිවරණයෙන් පසුව පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් නොවන බවත් ජාතික ආණ්ඩු සංකල්පය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් පමණක් බවත් ඔහු පැවැසීය.
භානුක අමරසිංහ