උතුරේ සුනාමියෙන් අවතැන්වූ ජනතාව වෙනුවෙන් නිවාස හදන මුවාවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දී ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැරදිකරුවුවහොත් ඔහුගේ ප්රජා අයිතිය අහෝසි කළ හැකි බව ජනපති මෛත්රීපාල සිරිසේනම මහතා තමන්ට පැවැසූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ජනාධිපති කොමිසමක් හමුවේ විශේෂ පරීක්ෂණයක් කිරීමෙන් එසේ ප්රජා අයිතිය අහෝසි කළ හැකි බව ජනපති පැවැසූ බවද ඔහු පැවැසීය.
කුරුණෑගල පැවැති ජනහමුවකදී අද (19දා) ඔහු මෙම අදහස් දැක්වීය.