මහින්ද රාජපක්ෂ ජනපති සමයේදී මුදල් අමාත්‍යවරයා වශයෙන් කැබිනට් මණ්ඩලයට අදාළ කැබිනට් පත්‍රිකා එවන්නේ අවසානයට බවත්, මුදල් ඇමති ලෙස ඔහු වැඩියෙන් වියදම් කළ බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා කියයි.
මස්කෙළියේ පැවැති රැස්වීමක් අමතිමින් ඔමු මෙම අදහස් දැක්වීය.
“වෙන කිසිම නායකයෙක් මේ විදියට හොරකම් කරලා නෑ, රටේ සාරය සූරාකාලා නෑ, අපි දන්නවා මහින්ද රාජපක්ෂ මේ ගහන ගේම් එක. කැබිනට් ඇමතිවරු වශයෙන් කැබිනට් පත්‍රිකා එනවා. මුදල් ඇමති හැටියට මෙයා වැඩියෙන් වියදම් කරනවා. වැඩියෙන් ණය වෙලා තියෙනවා. යෝජනා ටික අන්තිමට එනවා. අපිට බලන්නවත් කියවන්නවත් බෑ. මොකද හදිස්සියෙන් මේවා එවන්නේ.
මම දැනගත්තා මේ ගේම් එක. කැබිනට් පත්‍රිකා 70 ක් තියෙනවනම් එයාගේ කැබිනට් පත්‍රිකා තමයි අවසානම ඒවා ටික. මම දන්නවා මේ නැටිලි ටික තියෙන්නේ මේ කැබිනට් පත්‍රිකා වල බව. විශේෂයෙන්ම මහා මාර්ග කැබිනට් පත්‍රිකාව, මම මේවා අරගෙන ගෙදර ගෙනගොස් හොඳට අධ්‍යනය කළා. මම දැනගත්තා කවදහරි මට මේවා පාවිච්චි කරන්න වෙයි කියලා. ඒ වගේ කැබිනට් පත්‍රිකා 10 – 15 ක් මා ළඟ තියෙනවා. ප්‍රථම වතාවට මම මේවා කියන්නේ”