නිදහස් පාක්ෂිකයින් එම පක්ෂය හැරයාම වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්වී ඇති බවට මහින්ද රාජපක්ෂ මහතා මතයක් ගෙන යාමට උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
"මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්න පටන් අරන් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණයි.. එක්සත් ජාතික පක්ෂයයි එකයි එකට ඉන්නවා කියලා එහෙම මතකයක් හදන්නේ වෙන මොකුත් නෙමෙයි නිදහස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය කඩා වැටිලා තියන්නේ. වෙනදා කොහොමද? ඩිෆෙන්ඩර් කොච්චර කැරකෙයිද? නිල් කොඩි කොච්චර දකීද? කාර්යාල කොච්චර දකීද? නිදහස් පක්ෂයේ පසුගිය අවුරුදු 20 ම ඡන්දෙ කළේ ආණ්ඩුවෙන්. වරාය තමයි වේදිකාව හදන්නේ.පෙට්‍රෝලියම් එකෙන් තමයි කැන්වසින් යන්නේ. ආර්.ඩී.ඒ. එකෙන් තමයි පෝස්ටර් අලවන්නේ.පලවෙනි වතාවට නිදහස් පක්ෂය පක්ෂයෙන් ඡන්දයක් කරනවා. යැයි හෙතෙම පැවසුයේ ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් හමුවකදීය.