පක්ෂ කිහිපයක් එක්ව මැතිවරණයට තරග කරන බවත්, අවශ්‍ය නම් ආණ්ඩුවේ පිරිසටද ඒ සඳහා එක්විය හැකි බවත්හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19දා) ගැටඹේදී පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේගැටඹේ රාජෝපවනාරාමට පැමිණි අවස්ථාවේ මේ බව කියා සිටියේය.
“පක්ෂ කිහිපයක් එකතුව එක පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. කැමතිනම් ආණ්ඩුවේ අයටත් මේ සඳහා එකතු විය හැකියි.මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා නෑ” යැයිද ඔහු කීය.