දේශපාලනය තුළ වෛරී සහගත බව සැම විටම ප්‍රකට කළ මහින්ද රාජපක්ෂ ඒ සඳහා ඕනෑම ක්‍රියාදාමයක් අනුගමනය කරන බවත් එහි අලුත්ම සිදුවීම යටිනුවර පැවැති සන්ධාන රැලියේ ඔසවා තැබූ සිංහ ධජය තුළින් පිළිබිඹු වන බවත් වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේසදනයක් නිකුත්කරමින්පැවසීය.
තමා පාලන බලය මෙහෙයවන අවධියේ කළ ක්‍රියා තවමත් ඔවුන් සිදුකරන බව කඩුගන්නාවේදී කොඩිය ඡායාරූප ගත කළ මාධ්‍යවේදියා රඳවා ගනිමින් කළ තර්ජනය තුළින් මනාව පිළිබිඹුවන බවත් එම ක්‍රියාව එජාපය දැඩිව හෙළාදකින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.