සයිටම් ආයතනය ඇතිකිරීම හා හම්බන්තොට වරාය ඉදිකිරීම නිසා මහින්ද රාජපක්ෂ මහතා රටට සැබෑ අප්පච්චි කෙනෙකු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.
මේ නිසා සයිටම් ආයතනය දිගටම පවත්වාගෙන යායුතු බවත්, මෙම ආයතනය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක්ද ලබාදී තිබෙන නිසා සියලුම දෙනා එයට හිස නමා කටයුතු කළයුතු බවද පවසා සිටියේය.
සයිටම් ආයතනය රටට ඉතාමත් හොඳ දෙයක් බවත්, එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ හොඳ ව්‍යාපෘතියක් බවද පවසා සිටියේය.