හම්බන්තොට ජනතාව රැවටූ ආකාරයටම වයඹ ජනතාවද රැවටීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියයි.
තමන්ට හිතවත් පන්සල් වැඩිම පමාණයක්, වැඩිම මන්ත්‍රීන් ප්‍රමාණයක් හා වැඩිම රණවිරුවන් සිටින්නේ කුරුණෑගල බැවින් තමන් එම දිස්ත්‍රිකයෙන් තරග කරන බවට මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා ඉහත පිළිතුරු ලබාදුනේනේය.
එසේම මෙවර මැතිවරණයට හම්බන්තොටින් ඉදිරිපත්වන නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ. නිරූපමා රාජපක්ෂ හා හිතවත් මහින්ද අමරවීර ඇමතිතුමාද තමන්ට හිතවත් නැතැයි මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.