නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අබුඩාබි රාජ්‍ය බලා අද (18දා) උදෑසන පිටත්ව ගියේය.
ගුවන්තොටුපොළ උසස් නිලධාරියෙක් පැවසුවේ ඔහු රොටානා ගුවන් සේවයට ආර්.ජී. 402 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බවයි.
පසුගිය ඔක්තෝම්බර් 20දා අබුඩාබි සිට දිවයිනට පැමිණි මහින්ද බාලසුරිය මහතා ඊට පසු දින එනම් 21දා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වශයෙන් වැඩ බාර ගත්තේය.