“මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකයා වෙන්න ඕනනම් මැතිවරණයට ඉදිරිපත් වෙන්න. හැබැයි එතුමාව මෙවර දිනවන්න ප්රභාකරන් දැන් මේ රටේ නෑ. ඒ නිසා අනිවාර්යයෙන් පරාජය හිමි වෙනවා” එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ ඊයේ (27දා) නාවලපිටිය ඇත්ගාල බස් නැවතුම් පොළේදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්න තියනවා. සන්ධානයේ ඇතැම් පිරිස් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට බල කරනවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කරන්න කියලා. කණ්ඩායමකට අවශ්‍ය වෙලා තියනවා මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන පැරණි ක්‍රමයටම මේරටේ දූෂණය, භීෂණය ඇතිකරලා සුදු වෑන් සංස්කෘතිය ඇති කරලා මේ රට පාලනය කරන්න.
මැතිවරණයේදී රටේ ජනතාව තීරණය කරන්න ඕන මහින්ද රාජපක්ෂ රෙජීමය නැවත බලයට පත් කරලා නැවතත් මේ රටේ දූෂණය, භීෂණය ඇති කරපු පවුල්වාදය රජකරවනවාද? එහෙම නැත්තම් මේ රටේ යහපාලනය ඇතිකරලා රටේ අනාගතය දියුණුකරනවාද කියලා. මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකයා වෙන්න ඕනනම් මැතිවරණයට ඉදිරිපත් වෙන්න. හැබැයි එතුමාව මෙවර දිනවන්න ප්රභාකරන් දැන් මේ රටේ නෑ. ඒ නිසා අනිවාර්යයෙන් පරාජය හිමි වෙනවා. මම අගමැති වෙන්නේ සුරසැප විඳින්න නොවෙයි. මට අවශ්‍ය වන්නේ මේ රට දියුණු කරලා මේ තරුණ පරම්පරාවට හොඳ අනාගතයක් ලබාදෙන්නයි" යනුවෙන්ද ඒ මහතා කියා සිටියේය.
මෙම ජනහමුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ මහතාද එක්සත් ජාතික පක්ෂයට එකතු විය.
නිමල් පෙරමුණ - නාවලපිටිය