අම්පාර දිස්ත්‍රික්කය තුළ පසුගිය දස වසර තුළ ඉදිකළ නිවාස මෙන් පස් ගුණයක් නිවාස පසුගිය දස මාසය තුළ ඉදිකිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත් බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (30දා) පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇත්තේ නිවාස දෙසියයක් පමණයි. නමුත්, සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු මේ වන විට නිවාස දහසක් පමණ ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා" යැයි දයා ගමගේ මහතා පැවැසීය.