අකුරැස්ස ප්‍ර දේශයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හැසිරුණු ආකාරය හේතුවෙන් ඔහුට එල්ල වී තිබූ චෝදනා සත්‍යක් බවට පෙනෙන්නට තිබෙන බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා කියයි.
අකුරැස්ස සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් දක්වයි.
"ප්‍රතිවිරුද්ධ මත නොඉවසීමේ දේශපාලනය, තමාගේ උරුමය බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම යළිත් පෙන්වා දෙයි. එහි නවතම සිදුවීම අකුරැස්ස ප්‍රදේශයේ පැවැති මහජන රැළියක දී සාමාන්‍ය පුද්ගලයෙකුට පහර එල්ල කිරීමයි. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමාට හිමි ආරක්ෂක බලකායක රැකවරණය යටතේ නිරායුධ සිවිල් පුරවැසියෙකුට පහර එල්ල කිරීම සදාචාරයට නිගාවක් මෙන්ම, රටේ පවතින නීතිය ද උල්ලංඝණය කිරීමකි. තමාගේ රැස්වීමට සහභාගි වන සාමාන්‍ය පාක්ෂිකයෙකුට පහර දීමට තරම් මහින්ද රාජපක්ෂ පිරිහී ඇත්තේ අසීමාන්තිකව ඔහු බලලෝභයෙන් පෙළෙන නිසයි.
රාජ්‍ය බලය යොදා මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කළ යුගයේ දී මිනිසුන්ට පහර දීම, පැහැර ගෙන යාම, ඝාතනය කිරීම දක්වා වූ ක්‍රියාවලියට එල්ල වී ඇති චෝදනා මේ නිසා සත්‍යයක් බව පැහැදිලිවම පෙනේ. පසුගිය දා සන්ධානයේ මහලේකම්වරයාට එල්ල කළ ප්‍රහාරයක් ගැන ද වාර්තා විය. සන්ධානයේ අපේක්ෂකයින් අද චෝදනා කරනුයේ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන සන්ධාන අපේක්ෂකයින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හිතවත් අපේක්ෂකයින්ට විවිධ අතවර සිදු කරන බවයි. තර්ජන ගර්ජන, බිය ගැන්වීම්, මනාප නොදෙන ලෙස කරන ප්‍රකාශයන් පිළිබඳව සන්ධානයේ අපේක්ෂකයින් රැසක් මාධ්‍යයට කළ ප්‍රකාශ දකින්නට ලැබෙයි" යනුවෙන්ද ඔහු සඳහන් කරයි.