ත්රස්තවාදී විරෝධී සටනට දේශපාන අධිෂ්ඨානයක් ලබාදුන්නේ තම පක්ෂය බවත්, නැවත කිසිවිටෙක රට තුළ ත්රස්තවාදී සංවිධානයක් ඇතිවීමට ඉඩ ලබානොදෙන බවත්, යහපාලනක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
"මැතිවරණය අරමුණු කරගනිමින් කිසියම් ජාවාරම්කාරී පිරිසක් විසින්, නැවත ත්රස්තවාදින් රට තුළ ඇතිවේවි, රටේ ආරක්ෂාව අනතුරට පත්වේවි, රටේ ඒකීයභාවය නොමැති වේවි, යැයි ප්රකාශ කරනවා. නමුත් රට තුළ ත්රස්තවාදය පරාජයට පත්වූයේ 2009 වර්ෂයේදී. 2005 වර්ෂයේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූයේ ත්රස්තවාදය පරාජයට පත්කිරීම සඳහා නොවේ. ත්රස්තවාදී නායක ප්රභාකරන් සමග සාකච්ඡා කරන්න ඔහු කටයුතු කළේ. ප්රභාකරන් ප්රායෝගික නායකයෙක් ලෙස ඔහු සඳහන් කළේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන ත්රස්තවාදී සංවිධාන සඳහා කප්පම් ගෙවණු ලැබුවා. දේශයට ද්රෝහිවූ ත්රස්තවාදීන් රටේ ආරක්ෂක අංශවල සාමාජිකයින් ඝාතනය කරනවිටත්, සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ප්රහාරයක් එල්ල කළ විටත් ඔහු ත්රස්තවාදන්ට මුදල් ලබාදුන්නා. සේනාධිනායකයා, රාජ්ය නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස සිදුකළ කප්පම් ගෙවීම නතර කළේ, ඔහුගේම සහෝදරයෙක් වන ඝෝඨාභය රාජපක්ෂ මහතාට බෝම්බ ප්රහාරයක් එල්ල වූ පසුවයි. එලෙස ක්රියාකල කෙනෙක් අද දේශපාලන වේදිකාවල ත්රස්තවාදයක් ගැන කතාකිරීම විහිළුවක්. යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය