සැප්තැම්බර් 04 වන දින කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වෙනි සංවත්සර උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවෙන බව පවසා තිබේ. එම සම්මේලනයට එක්වෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා හිටපු ජනපතිවරයාට ආරාධනා කර ඇති අතර එම ආරාධනාව හිටපු ජනපතිවරයා බාරගෙන තිබේ.
ඊයේ (16දා) සවස මිරිහානේ පිහිටි හිටපු ජනපතිවරයාගේ නිවසේදී මෙම ආරාධනාව බාර දී ඇති අතර සම්මේලනයට සහභාගීවීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා තිබේ. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටත් පකෂ සම්මේලනයට එක්වෙන ලෙස ආරාධනා කර තිබේ. හිටපු ජනපතිවරුන් දෙදෙනාව නිදහස් පක්ෂයේ අනුශාසකවරු වෙති.