රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙක් ලෙස ඔහුගේ කාලයේ දුරකථන ඇමතුම් ටැප් කළබව තමාද දන්නා කරුණක් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දුරකථන ඇමතුම් ටැප්කළ යුත්තේ අදාළ නීතිමය අවසර මත අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් බවත්, එසේ නොමැතිනම් එහි පුද්ගල අයිතිවාසිකම් කඩකිරීමක් බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.